මෙරට ක්‍රීඩාව සඳහා ඉන්දියාවෙන් සහයක්
January 06, 2025 - 5:22 PM
ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාරගමගේ අතර අද (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.
මහකොමසාරිස්වරයා එහිදී කියා සිටියේ මෙරට ක්‍රීඩාව සංවර්ධනය සඳහා කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවයි.
එමෙන්ම ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සඳහා රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමට සහයෝගය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර තරුණ කටයුතු ක්ෂේත්රයේ සම්බන්ධතා ඉදිරියේදී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවයි.
(lknews)