ඉන්දුනීසියාවේ හිටපු ආරක්ෂක ඇමතිට ජනාධිපතිවරණයෙන් ජය

February 15, 2024 - 1:33 PM
ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට හිටපු ආරක්ෂක ඇමති ප්‍රබෝවෝ සුබියන්තෝ ජය හිමි කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඔහු 58%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබෙනවා.

72 හැවිරිදි වියේ පසු වන ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී පරාජයට පත්ව ඇති බව සඳහන් වනවා.
(LKNEWS)