ඉන්දු ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනේ

April 05, 2025 - 1:48 PM
ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී සඳහන් වන්නේ බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම සිදුවුණ බවයි.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

(lknews.lk)