ඔක්තෝබර් මාසයේ උද්ධමනය පහළට

November 21, 2024 - 7:48 PM
2024 සැප්තැම්බර් මාසයේදී -0.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධනය ඔක්තෝබර් මාසය වන විට -0.7%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී 0.5%ක් ලෙස වාර්තා වූ අහර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී 1.3%ක් දක්වා වැඩි වී තිබෙන බවයි එම ලේඛනවල සඳහන් වන්නේ.

2024 සැප්තැම්බර් මාසයේදී -0.7%ක් වූ අහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -2.3%ක් දක්වා අඩු වී තිබෙනවා.
 
(lknews.lk)