මෙරට උද්ධමනය තවත් පහළට

September 28, 2023 - 4:23 PM
මෙරට උද්ධමනය ගැන නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයක්.

අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසින්.
(lknews.lk)