උද්ධමනය පහළ යයි

March 28, 2024 - 5:44 PM
මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී පහළ වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසය සඳහා 0.9ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ආහාර උද්ධමනය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී සියයට 3.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)