උද්ධමනය ඉහළට

December 21, 2023 - 4:54 PM
ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

සමස්ත උද්ධමන අනුපාතය ඔක්තෝම්බර් මාසයේදී සියයට 1ක් වූ අතර නොවැම්බර් මාසයේදී උද්ධමනය 2.8ක් වී තිබෙනවා.

මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර නොවන උද්ධමනය 2023  ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  සඳහන් කර සිටියේ.
(lknews.lk)