ගාසා තීරයේ දිනකට ළමුන් 160ක් පමණ මිය යන බවට තොරතුරු

November 08, 2023 - 9:45 AM

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ඔවුන්ගේ හමුදා ගාසා නගර මධ්‍යයේ සිටින බව පවසා තිබෙනවා.

Yoav Gallant වැඩිදුරටත් පවසන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිම්, ගුවන් සහ නාවික හමුදා සමග සම්බන්ධීකරණයෙන් උතුරෙන් සහ දකුණෙන් නගරයට ප්‍රහාර එල්ල කළ බවයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ යුද්ධයේ මරණ සහ දුක්විඳීමේ මට්ටම සිතා ගැනීමට අපහසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාව පෙන්වා දෙමින්, ගාසා තීරයේ දිනකට සාමාන්‍යයෙන් ළමුන් 160 ක් පමණ මිය යන බව සඳහන් කර තිබුණා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර පිළිබඳව අදහස් දක්වා නැති නමුත් මෑත සටන්වලදී ඔවුන් උතුරු ගාසා තීරයේ හමාස් බලකොටුවක් පාලනය කළ බව සඳහන් කරනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ ළමයින් 4,100 කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළුව 10,300 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
(lknews.lk)