අධිවේගයේ ගමන් ගන්නා රියදුරන්ට ධාවනයේදී තබා ගත යුතු පරතරය ගැන දැනුම් දෙයි

December 04, 2023 - 10:45 AM
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම් දී තිබෙනවා.

මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවට වාර්තා වනවා.

අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථ රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇති බව සඳහන්. 
(lknews.lk)