පොලිස්පති දේශබන්දු අලුත් වැඩපිළිවෙලකට සැරසෙයි

February 28, 2024 - 11:35 AM
ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේද අනුව ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

පොලිස්පතිවරයා එම අදහස් පළ කලේ, ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ Elementary විභාග සමත් නිලධාරින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

එමෙන්ම ඉදිරි කෙටි කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ පුළුල් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පොලිස්පති දේශබන්දු මහතා පැවසුවා.
(lknews.lk)