පොලිස්පති දේශබන්දු ආරක්‍ෂක ලේකම් හමුවට

March 11, 2024 - 10:49 PM
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමු වී තිබෙනවා.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් දේශබන්දු තෙන්නකෝන් ඉතා උණුසුම් ලෙස පිළිගෙන නව පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් ද ඔහු වෙත එක් කර තිබෙනවා.

ඉන් අනතුරුව ජාතික ආරක්‍ෂාව මෙන්ම නීතිය සහ සාමය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සඳහා අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක නිරත වී තිබෙන බව වාර්තා වනවා.
(lknews.lk)