පොලිස්පති මහජන සහන දිනය යළිත්

December 11, 2023 - 8:59 AM
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පොලිස්පති මහජන සහන දිනය එළඹෙන 15 වනදා සිට යළි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඒ අනුව සෑම සිකුරාදා දිනකම උදෑසන 9 පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත එය යළි ආරම්භ වනවා.

ඒ අනුව පොලිස් ස්ථානවලින් සිදුවන අසාධාරණ සහ විමර්ශන අංශවලදී අනවශ්‍ය ප්‍රමාද වීම් පිළිබඳව පැමිණිලි මෙහිදී ඉදිරිපත් කළ හැකියි.
(lknews.lk)