හෙරොයින් වෙනුවට පොලිසිය පාන් පිටි එවයි

December 05, 2023 - 1:49 PM
හෙරොයින් මත්ද්‍රව්‍ය බව පවසා පොලිසිවලින් එවා ඇති සාම්පල් 7351කින් සාම්පල් 790ක්ම පාන් පිටි හා පැනඩෝල් කූඩු බවට සනාථ වූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අධිකරණ නිලධාරින්ගේ සහය නොමැතිව නඩු භාණ්ඩවල ඇති භාණ්ඩ සොරකම් කළ නොහැකි බව අමාත්‍යවරයා පවසනවා.

මේ පිළිබඳව පොලිසිය වෙත චක්‍රලේඛනයක් ‍යැවීම සිදු කළත් ව්‍යාජ සාම්පල් යවන ප්‍රමාණය අඩු වී නොමැති බව හා ව්‍යාජ සාම්පල් එවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)