මෙරට සෑම පුරවැසියෙකුටම රක්ෂණයක්

September 11, 2023 - 10:36 AM
සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව, රජයේ රෝහලෙන් හෝ පුද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට තීරණය කළ හැකියි.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කිරීමට නියමිතයි.

වෛද්‍යවරුන් වැඩි වශයෙන් නිර්මාණය කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
(lknews.lk)