අස්වැසුම ප්‍රතිලාභීන් පරික්ෂාවකට ලක් කරයි

January 19, 2024 - 1:28 PM
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පුද්ගලයන් සහ සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි ගොනු කර ඇති බවයි. 
 
ඒ අනුව සුදුසුකම් ලත් කණ්ඩායම් සඳහා ප්‍රතිලාභ ලබා නොදීම, ඇතැම් සුදුසුකම් නිර්ණායකවල සාධාරණත්වය සහ තේරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි ඔහු පැවසුවේ. 
 
එම මාර්ගෝපදේශ සාධාරණ ද යන්න සහ තේරීම් ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු කළේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන බව ද පුංචිහේවා මහතා සඳහන් කළා.
(lknews.lk)