පාසල් නිවාසාන්තර ක්‍රීඩා කල් දමයි

March 17, 2024 - 2:06 PM
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

උෂ්ණාධික කාලගුණ තත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බවයි.
(lknews.lk)