2023 වසරේ පාරිභෝගික තැන්පතු සඳහා පොලියක්

February 15, 2024 - 3:43 PM
පාරිභෝගික තැන්පතුවලට ලං.වි.ම පොලියක් ගෙවීමට සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව 2023 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව විදුලි සැපයුමක් ලබාදීමේදී අයකර ගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 112 කට අසන්න මුදලක් පාරිභෝගිකයන් වෙත ගෙවා ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
(lknews.lk)