අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

December 05, 2024 - 9:26 AM
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය අද (05) සහ හෙට (06) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එළඹෙන වසරේ පළමු මාස 4 සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකරනු ලබනවා.

(lknews)