අපරාධකරුවන් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන

February 15, 2024 - 12:11 PM
මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවලට සම්බන්ධ මෙරටින් පළා ගිය අපරාධකරුවන් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මෙම සැකකරුවන් ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

වැඩබලන පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.