මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ඇගයීමට

December 18, 2023 - 9:00 AM
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පසුගියදා හමුවූ අවස්ථාවේදියි.

මෙහිදී යුනිසෙෆ් සංවිධානය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කරන සහ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

මෙරට ළමා පෝෂණ මට්ටම තව තවත් ඉහළ නැංවීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සමීක්ෂණයක් මේ වනවිටත් ක්‍රියාත්මක බවත් එහි වාර්තාව කඩිනමින් ලබාදෙන බවත් යුනිසෙෆ් නියෝජිතයා එහිදී ප්‍රකාශ කළා.
(lknews.lk)