අන්තර්ජාල වංචා ඉහළට

March 13, 2024 - 11:39 AM
අන්තර්ජාලය ඔස්සේ සිදු වන අපරාධ වල වර්ධනය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය පවසනවා.

මෙම වසරේ ගත වූ කාල  සීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කර තිබුණා.

එමෙන්ම 2023 වසරේ අන්තර්ජාල වංචා ,609ක් ද, ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් 5,188ක් ද , කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98ක් ද වාර්තා වී තිබෙනවා.
(lknews.lk)