සයිබර් ප්‍රහාරයට අදාළ පරීක්ෂණ වාර්තාව අද

April 11, 2024 - 11:33 AM
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරයට අදාළ පරීක්ෂණ වාර්තාව අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

වෙබ් අඩවියේ ඉදිරි ආරක්ෂාව පිළිබඳ මෙන්ම ඒ සම්බන්ධ සියලු තොරතුරු මෙහි අඩංගු බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෙබ් අඩවියේ යම්කිසි දුර්වලතාවක් හේතුවෙන් මෙය සිදුවී ඇති බවත් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වාගත යුතු නිර්දේශයන්ද මෙහි අඩංගු බවයි.


(lknews.lk)