ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද දිවයිනට

February 19, 2024 - 12:23 PM
දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුවයි.

ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
(lknews.lk)