ඉරාන විදේශ ඇමති දිවයිනට

February 20, 2024 - 9:29 AM
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස ඊයේ (19) රාත්‍රීයේ දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔහු දිවයිනට පැමිණ ඇත්තේ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයක් මතයි.

ඒ අනුව දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතයි.

සිය සංචාරයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
(lknews.lk)