PHOTOS | කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට යට වූ දූපත් යළි මතුවෙයි

March 01, 2024 - 4:57 PM
මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

ජලාශ දෙකෙහිම ජල මට්ටම අද (01) උදෑසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18ක් දක්වා පහළ බැස ඇති බව සඳහන්.

ජල මට්ටම අඩු වීමත් සමග ජලාශයට යට වී තිබූ දූපත් යළි මතු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
(lknews)