හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් රතු එළි

February 19, 2024 - 11:02 AM
ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් මාර්තු මස 10 වැනි දින වන විට නිදහස් නොකළොත් රෆාහි ප්‍රහාරයක් නිකුත් කරන බව ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙය ගාසාහි දකුණු දෙසින් පිහිටි රෆා නගරයට හමුදා ඇතුළු වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රකාශයක් සිදු කළ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

මේ වන විට එම නගරයේ පලස්තීනුවන් මිලියන 1.5ක් පමණ රැඳී සිටින බව සඳහන්.

හමාස් සංවිධානය විසින් තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය විශ්වාසය පළ කරනවා.

මේ අතර එළඹෙන මාර්තු මස 10 වැනි දින රාමසාන් ශුද්ධ මාසය ආරම්භ වීමටද නියමිතයි.
(LKNEWS)