ඊශ්‍රායලය - ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියක්

February 16, 2024 - 12:14 PM
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තබා තිබෙනවා.

මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ බවයි ඒ මහතා පැවසුවේ.

එමෙන්ම කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(LKNEWS)