ඊශ්‍රායල් - පලස්තීන යුද්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් කඩා වැටෙන ලකුණු

October 16, 2023 - 3:45 PM
යථා තත්ත්වයට පත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකය යළි කඩා වැටීමට හෝ එකතැන නැවතීමක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසනවා.

ඒ, ඊශ්‍රායල් – පලස්තීන යුද්ධය හේතුවෙන්.

එමෙන්ම මෙම යුද්ධය නිසා ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් සියය දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළා.

මේ වන විටත් යුද්ධය හේතුවෙන් තෙල් බැරලයක මිල ඩොලර් පහකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තෙල් බැරලයක මිල ඩොලර් 100ක්වන අතර ඉදිරි මාස කිහිපය තුළ එය තවදුරටත් ඉහළ යා හැකි බව මහාචාර්යවරයා සඳහන් කළා.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමන තත්ත්වය යළිත් ඉහළ යාමක් සිදුවිය හැකි බැවින් ජනතාවට තවදුරටත් පීඩා විඳීමට සිදු වනු ඇතැයි ඔහු පවසනවා.
(lknews.lk)