ඊශ්‍රායල හමුදාව හදිසියේ ගාසා රෝහලකට කඩා පනී

February 16, 2024 - 9:47 AM
ගාසා තීරයේ විශාලම රෝහල වන Khan Younisහි නසාර් වෙත ඊශ්‍රායල හමුදාව කඩා වැදී තිබෙනවා.

ඒ, එම රෝහලේ හමාස් සටන්කාමීන් සැඟව ඇති බවට වාර්තා වීමත් සමඟයි.

මෙහිදී ඊශ්‍රායල හමුදාව හා හමාස් සටන්කාමීන් අතර වෙඩි හුවමාරු ගණනාවක් සිදු වී ඇති බව සඳහන්.

මේ නිසා ගාසා රෝහලේ සිටින රෝගීන්ට ආහාර හා ඖෂධ නොමැතිව දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
(LKNEWS)