පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස ඉදි වෙයි

March 10, 2024 - 10:46 AM
බටහිර ඉවුර කේන්ද්‍ර කරගෙන ඊශ්‍රායලය අත්පත් කර ගෙන සිටින පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස වසරක් තුළ දී වාර්තාගත අන්දමින් පුළුල් වී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව අනාවරණය කර තිබුණේ, බටහිර ඉවුරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපත් කළ වාර්තා වලට අනුව 2023 ඔක්තෝබර් දක්වා වසරක කාලයක දී බටහිර ඉවුරේ නව නිවාස 24,300ක් ඉදිකර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)