සුරාබදු බලපත්‍ර ලබා දීම ක්‍රමානුකූලව

April 04, 2024 - 10:35 AM
සුරාබදු බලපත්‍ර ලබා දීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ බලපත්‍ර ලබා දීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

සුරාබදු බලපත්‍ර ලබා දීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(lknews.lk)