රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තවත් දිස්ත්‍රික්කයක අත්හිටුවයි

October 16, 2023 - 12:01 PM
අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 
ඒ එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. 
 
ඒ අනුව එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)