රාවණා ළඟට යන්නත් තහනම් වෙයි

November 09, 2023 - 10:50 AM
රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක්වරම ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වනවා. 

ඒ මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන්. 
 
මේ නිසා දිය ඇල්ලේ දියනෑමට සහ දිය ඇල්ල අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබෙනවා. 

එම තීරණය ගෙන ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින්.
 
මේ දිනවල හැකිතාක් දිය ඇල්ල සමීපයට යෑමෙන් වළකින ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(lknews.lk)