මෙරට ලුණු වල ප්ලාස්ටික් අඩංගු බව සොයා ගනියි

March 03, 2024 - 6:32 PM
මෙරට වෙළෙඳපොලේ අලෙවි කිරීමට තිබෙන ලුණු වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගතව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙරට වෙළෙඳපොලේ වෙළඳ නාමවලින් අලෙවි කිරීමට තිබෙන සාම්පල 33 ක් මෙම පර්යේෂණයේදී පරීක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සාම්පලවලින් 24 ක් කැට ලුණු වන අතර සියලුම ලුණු සාම්පල ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් දූෂිත බව අනාවරණය වී තිබෙනවා.
(lknews.lk)