අදත් ස්ථාන කිහිපයකට වැසි

March 12, 2024 - 8:52 AM
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්වයක් පවතින බවයි.
(lknews.lk)