සල්ලි පොකුරු තෑගි දෙන අයට වැඩ වරදියි

March 21, 2024 - 5:18 PM
මුදල් නෝට්ටු වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වර්තමාන සමාජය තුළ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු භාවිතා කිරීමත්, ඊට සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වයත් සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පිළිබඳ සම්මතයන් ඉක්මවා යන්නන් හට දැඩි දඬුවම් හිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)