පළාත් කිහිපයකට අදත් වැසි

August 11, 2024 - 9:00 AM
දිවයිනේ පළාත් කිහිපයකට අද (11) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 වැඩි තරමක වැසි ඇතිවිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews)