ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

October 09, 2023 - 7:32 AM
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මිය යන විට 65වන වියේ පසු වුණා.

පසුගිය වසරේ අනතුරට ලක් වීමත් සමඟ මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මෙලෙස චිත්‍රපට රූගත කිරීමකට ගොස් පැමිණෙමින් සිටියදී ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු තුන්දෙනෙකු රැගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්වුණේ පසුගිය වසරේ ජූලි 02 වැනිදායි.

ඔහු ප්‍රතිභාන්විත රංගන ශිල්පියෙක්, ටෙලි නාට්‍ය, සිනමාපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක්, ගවේෂකයෙක්, සංචාරකයෙක්, මෙන්ම විචාරකයෙක් ලෙස ප්‍රේක්ෂක සිත් සොරා ගත් කලාවටම උපන් මහා වංශයක් ලෙස හැඳින්විය හැකියි.
(lknews.lk)