2024 ජනවාරි මස සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් ඉහළට

March 01, 2024 - 1:56 PM
විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව මහ බැංකුව අද (01) ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 342ක්.

2023 දෙසැම්බර් මාසයේ එම ඉපැයීම් වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 269ක් ලෙසයි.

එමෙන්ම 2023 ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 154ක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් වාර්තා වුණා.

ඒ අනුව 2024 ජනවාරි මස ඉපැයීම් කැපී පෙනෙන ඉහළ යාමක් බව සඳහන් වනවා.

2020 ජනවාරි මාසයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය වාර්තා කළ ඉහළම ආදායම ද මෙය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත්තේ.
(lknews)