ශ්‍රී ලංකාවට ජපානයෙන් අඛණ්ඩ සහයක්

January 07, 2025 - 2:42 PM
ශ්‍රී ලංකාවට මූල්‍ය සහ තාක්ෂණික සහය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA ) උප සභාපති හාරා ෂෝහෙයි ප්‍රකාශ කළා.

ඒ අද (07) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති හමුවට එක්වෙමින්.

මෙහිදී ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

(lknews)