ජුනි මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මානය ඉන්දියාවේ Jasprit Bumrahට

July 09, 2024 - 3:47 PM
ICC ජුනි මාසයේ හොඳම ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමට ඉන්දියාවේ Jasprit Bumrah සමත් වී තිබෙනවා.

එම සම්මානය සඳහා Rohit Sharma සහ ඇෆ්ගනිස්ථානයේ Rahmanullah Gurbaz නිර්දේශ වූ අතර ඔවුන් අභිබවා හොඳම ක්‍රීඩකයා සම්මානය තමන් සතු කර ගැනීමට Bumrah සමත් වුණා.

එමෙන්ම ICC ජුනි මාසයේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය ඉන්දියාවේ Smriti Mandhana හිමි කරගත්තේ එංගලන්තයේ Maia Bouchier සහ ශ්‍රී ලංකාවේ Vishmi Gunaratne අභිමවා යමින්.

(lknews)