ජයශංකර් සජිත්වත් හමුවෙයි

June 20, 2024 - 5:35 PM
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (20) කොළඹ දී සිදුවුණා.

සියවස් ගණනාවක් පුරා දෙරට අතර තිබූ මිත්‍රශීලීත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වා ගත යුතු බව සජිත් ප්‍රේමදාස කියා සිටියා.  

එමෙන්ම සමඟි ජන බලවේග රජයක් තුළ ද ඉන්දියාව සමඟ ඇති අන්තර් සම්බන්ධතාව නොවෙනස්ව පවත්වාගෙන යන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සිට දෙරට අතර ද්වීපාර්ශ්වීය සම්බන්ධතා ඇති කර ගැනීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සතුටට පත්වන බවත් ඉදිරියටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු සූදානමින් සිටින බවත් හමුවේදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා.

(lknews)