එස්. ජයශංකර් අද දිවයිනට

June 20, 2024 - 9:55 AM
ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියා­ත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඇමතිවරයාගේ සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරු පිරිසක් හමුවීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

(lknews)