ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමු දීමට සැරසෙයි

May 11, 2024 - 12:15 PM
එංගලන්ත කණ්ඩායමේ ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමු දීමට සැරසෙන බව වාර්තා වනවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නා ඔහුයි.

ටෙස්ට් තරග 187කදී ඔහු කඩුලු 700ක් දවා ගෙන සිටිනවා.

එළඹෙන ටෙස්ට් තරගාවලි සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ බව එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන්ට දැනුම් දී ඇති බව සඳහන්.

(lknews)