ජූලි මාසයේ වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත

July 30, 2025 - 11:15 AM
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රතිලාභීන්ට හෙට (31) සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකි බවයි.

(lknews.lk)