යුක්තිය වෙනස් වෙයි

July 04, 2024 - 9:01 AM
යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේද සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කරන අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කරන බවයි.

(lknews)