කඩුවෙල අධිවේගී හුවමාරුව යථා තත්වයට

June 05, 2024 - 10:43 AM
තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමූ කඩුවෙල අධිවේගී හුවමාරු පිවිසුම අද (05) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි ගමනා ගමන කටයුතු සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කඩුවෙල අධිවේගී හුවමාරු පිවිසුමේ ගංවතුර තත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)