කැලණිතිස්ස බලාගාරය සති 06 කට වැසෙයි

November 18, 2023 - 11:44 AM
ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය සති 06ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

ඊයේ (17) දිනයේ සිට මෙසේ බලාගාරය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වන බව සඳහන්.
(lknews.lk)