මහනුවර අවදානම් ස්ථානවලින් පදිංචිකරුවන් ඉවත් කරයි

November 23, 2023 - 12:17 PM
අවදානම් යැයි නම් කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ස්ථානවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසනවා.

එමෙන්ම අවදානම් සහිත ස්ථාන පිළිබඳව අදාළ අංශ හා පදිංචිකරුවන් දැනුවත් කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.

පේරාදෙණිය පොලීසිය, යුද හමුදාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අංශය, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තම්න්තුව ඇතුලු ආයතන රැසක් එක්ව මේ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට නියමිතයි.
(lknews.lk)