මහනුවර පළමු කුඹල් පෙරහැර අද

August 10, 2024 - 11:42 AM

මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර සුබ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ අද(10) පස්වරු 6.06 ට යෙදෙන සුබ මොහොතින්.

ශ්‍රී දළදා මාලිගාවේ සිට ශ්‍රී දළදා වීදිය, ඩී. එස්. සේනානායක විදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ පෙරහැර ගමන් කර රජ වීදිය දිගේ අවසන් වන බවයි වාර්තා වන්නේ.

(lknews)